සෙස් බදු සංශෝධනයෙන් බඩු මිල වැඩි නොවෙන බව රංජිත් සියඹලාපිටිය කියයි

0
Ranjith Siyabalapitiya - සෙස් බදු සංශෝධනයෙන් බඩු මිල වැඩි නොවෙන බව රංජිත් සියඹලාපිටිය කියයි

සෙස් බදු සංශෝධනය හේතුවෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාමේ කිසිදු හැකියාවක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ, අත්‍යාවශ්‍ය භාණ්ඩ මත අය කරනු ලබන්නේ රේගු බද්ද හෝ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වන අතර ඒවා කිසිදු සංශෝධනයකින් තොරව ක්‍රියාත්මක වන බවයි .

අයිතම 120කින් සමන්විත අත්‍යාවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවේ කිසිදු භාණ්ඩයක් සෙස් බද්දට යටත් නොවන බව ද අමාත්‍යවරයා කියා සිටියා.