ඉන්ධන මිල ඉහළට

0
Fuel Prices - ඉන්ධන මිල ඉහළට

මිල සුත්‍රයට අනුව සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ දැමීමට ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් සහ ලංකා භූමිතෙල් මිල පමණක් ඉහළ දැමීමටයි කටයුතු කර ඇත්තේ.

ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 15කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 430ක් ලෙසටයි.

ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 25කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365ක්.

සෙසු ඉන්ධනවල මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, මෙම මාසයට අදාලව යළි ඉන්ධන මිල සංශෝධනය නොකරන බවයි ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළේ.