තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට ජීවන් කුමාරණතුංග සී.අයි.ඩීයට

0

මහාපරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති තිළිණි ප්‍රියමාලි සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ප්‍රවීණ සිනමා නළුවෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන ජීවන් කුමාරණතුංගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගෙන තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු අමාත්‍ය ජීවන් කුමාරණතුංගට දැනුම් දී ඇති අතර ඒ අනුවයි ඔහු ප්‍රකාශයක් ලබා දී ඇත්තේ.

තිළිණි ප්‍රියමාලි සමඟ මූල්‍ය ගනුදෙනු කිරීම සහ ජීවන් කුමාරණතුංග විසින් අධ්‍යක්ෂණය කරන ලද ජීවා නමැති චිත්‍රපටියට ඇය විසින් මුදල් යෙදවීම යන කරුණ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

මීට පෙරද තිළිණි සමඟ ගනුදෙනු කිරීමේ සිද්ධීන්වලට අදාළව කළා ක්ෂේත්‍රයේ 04 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රකාශ ලබාගෙන තිබුණා.