ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමති පිරිසක් අලුත් ගමනකට මුල පුරයි

0
SLPP MPs - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමති පිරිසක් අලුත් ගමනකට මුල පුරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මැති ඇමතිවරුන් පිරිසක් පක්ෂයෙන් ගැලවී වෙනම කණ්ඩායමක් ලෙස සංවිධානය වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ආණ්ඩුවට එක්ව කැබිනට් සහ රාජ අමාත්‍යධූර දරන කිහිප දෙනකු එහි මූලිකත්වය ගෙන සිටින බව ද ආරංචිමාර්ග වලින් පැවසේ.

දැනට තනතුරු නොමැතිව සිටින පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක්ද ඊට සම්බන්ධ වීමේ සූදානමක සිටින බව වාර්තා වේ.

ඊළඟ මැතිවරණයකදී එක්සත් ජාතික පක්ෂය සමග සෘජුව සම්බන්ධ නොවී වෙන ම කණ්ඩායමක් ලෙස එජාපය සමග සන්ධානගත වීමේ අරමුණෙන් මෙම පිරිස වෙනම සංවිධානය වීමේ සූදානමක සිටින බවද දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පත්වූ ඩලස් අලහප්පෙරුම ඇතුළු කණ්ඩායම මෙන්ම,අනුර ප්‍රියදර්ශන යාපාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමද මේ වන විට වෙනම කණ්ඩායම් ලෙස කටයුතු කරයි.