ගාලු මුහුදේ ඔරුවක් පෙරලී සිසුවෙක් අතුරුදන්

0
Galle - ඔරුවක් පෙරලී සිසුවෙක් අතුරුදන්

ගාල්ල, දෙවට මුහුදු තීරයේ ඔරුවක් පෙරලී 16 හැවිරිදි පාසල් සිසුවෙකු අද (24) අලුයම අතුරුදන්ව තිබෙනවා.

ඔරුව අනතුරට පත්වන අවස්ථාවේ එහි තිදෙනෙකු සිට ඇති අතර අනෙක් දෙදෙනා ගොඩට පිහිනා දිවි බේරාගෙන ඇති බවයි ගාල්ල වරාය පොලිසිය පැවසුවේ.

පොකිරිස්සන් ඇල්ලීම සදහා එලා තිබූ දැල් රැගෙන එම සදහා යමින් සිටියදී අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඔරුව රළ පහරකට හසුව මෙම අනතුර මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

දිවිබේරා ගත් දෙදෙනා ප්‍රතිකාර සඳහා සදහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. අනතුරෙන් අතුරුදහන්ව ඇත්තේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි කටුගොඩ, මුල්වත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්.