අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල ගණන් පහතට

0
Sathosa Goods Prices - අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල ගණන් පහතට

අත්‍යවශ්‍ය භාණ්ඩ 6ක මිල ගණන් අද සිට පහත දැමීමට ලංකා සතොස පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම නව මිල ගණන්වලට අනුව දිවයිනේ ඕනෑම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට ලබාගත හැකියි.

මේ අනුව රුපියල් 550කට තිබූ සුදු ලූණු කිලෝවක් රුපියල් 60කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 490ක්.

රුපියල් 375ක්ව පැවති පාන් පිටි කිලෝවක් රුපියල් 55කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 320ක් ලෙසට දැක්වෙනවා.

රුපියල් 1,500ක පැවති හාල්මැස්සෝ කිලෝවක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,450ක්.

කඩල පරිප්පු කිලෝවක මිල රුපියල් 30කින් අඩුකර තිබෙනවා. එහි නව මිල රුපියල් 285ක්. මීට පෙර කඩල පරිප්පු කිලෝවක මිල පැවතියේ රුපියල් 315ක් ලෙසටයි.

සුදු සීනි කිලෝවක් රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 260ක්.

ආනයනික සුදු කැකුළු කිලෝවක් රුපියල් 5කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 169ක් වනවා.