ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි.. නව මිල මෙන්න…

0
Litro Gas Prices - ලිට්‍රෝ ගෑස් මිල අඩුවෙයි.. නව මිල මෙන්න...

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 271 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (5) පෙරවරුවේ පැවසීය.

මෙම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 107 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 48 කින් ද, අඩු කළ බවත් නව මිල අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

මෙම නව මිල සංශෝධනය සමග රුපියල් 4,551 ක් පැවති කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4280 ක් දක්වා පහත වැටුණි.

රුපියල් 1,827 ක්ව පැවැති කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1720 ක් දක්වා ද, රුපියල් 848 ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 800 ක් දක්වා ද, මිල පහත දමා තිබේ.