සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් පහතට

0

කිලෝග්‍රෑම් පනහේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් අද (04) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට ඉන්සී සහ ටෝකියෝ සුපර් සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා.

ඒ, ඉදිකිරීම් කර්මාන්තයේ වර්ධනයට සහාය දැක්වීමේ අරමුණින්.

ඒ අනුව රුපියල් 3,200ක්ව පැවති ඉන්සී සංස්ථා, ඉන්සී මහවැලි මෙරීන් ප්ලස්, ටෝකියෝ සුපර් සහ නිපොන් කිලෝග්‍රෑම් පනහේ සිමෙන්ති කොට්ටයක නව මිල වන්නේ රුපියල් 3,100ක්.