මෛත්‍රීපාල සිරිසේනට නොතීසි නිකුත් කෙරේ

0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔක්තෝබර් මස 14 වනදා අධිකරණයේ පෙනීසිටින ලෙස දන්වා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (16) නොතීසි නිකුත් කර තිබේ.

සිරිල් ගාමිණී පියතුමා සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිත පුද්ගලයෙකු වන ජේසුදාසන් නඩේසන් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම නොතිසි නිකුත් කිරීම සිදුකර ඇත.

පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්තවාදි ප්‍රහාරය නොසැලකිලිමත් ලෙස සහ වළක්වාගැනීමට ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ඉදිරිපත්වූ පුද්ගලික පැමිණිල්ලක සැකකරු වශයෙන් එලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව නම් කර තිබේ.