දුම්රියකට හසු වී අත වෙන් වූ පුද්ගලයා තනිවම රෝහලට

0
Hand cut - දුම්රියකට හසු වී අත වෙන් වූ පුද්ගලයා තනිවම රෝහලට

මහනුවර කොළඹ දුම්රිය මාර්ගයේ සුදුහුම්පල ප්‍රදේශයෙන් රාත්‍රී කාලයේ ගමන් කරමින් සිටි පුද්ගලයකු දුම්රිය මාර්ගය අයිනේ ඇදවැටුණු අවස්ථාවක ඒ අසලින් ගමන් ගත් දුම්රියකට ඔහුගේ අත හසුවීඅත වෙන්වීමෙන් පසුඔහු තනිව මහනුවර ජාතික රෝහලට පැමිණීමේ සිද්ධියක් වාර්තා වේ .

මැණික් කටුව අසලින් අත අහිමිව එසේ මහනුවර ජාතික රෝහලට පැමිණ ඇත්තේ මහනුවර දංගොල්ල ප්‍රදේශයේ පදිංචි එස්. එල්. එම්. රිස්වාන්(44) නැමැතිඅයකු බව රෝහල් පොලිසිය හඳුනාගෙන තිබේ .

කෝච්චියට හසුවීමෙන් ඔහුගේ අතින් වෙන් වූ කොටස අද (08දා) පෙරවරු 7.00 ට පමණ දුම්රිය මාර්ගය අසල තිබෙනු දැක සුදුහුම්පොල ප්‍රදේශවාසීන් මිනිසෙකුගේ අතේ කොටසක් එම ස්ථානයට පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් භීතියට පත්ව ඒ බව පොලිසියට දැනුම් දී ඇත.එම අතේ කොටස පොලීසිය විසින් මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට භාරදීමට පියවර ගෙන තිබේ .

මහනුවර ජාතික රෝහලේ දී සැත්කමකට භාජනය වී මේ වෙනවිට ප්‍රතිකාර ලබමින් සිටින අදාළ පුද්ගලයාපොලීසියට පවසා ඇත්තේ ඊයේ (07දා) රාත්‍රී 7:30 ට පමණ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී එහි පසෙක තිබූ විශාල වලකට තමන් ඇද වැටුන බවත් ඉන් ගොඩ ඒම සඳහා දකුණු අතින් රේල් පීල්ල අල්ලා ඉන් ගොඩ ඒමට උත්සහකළ අවස්ථාවේදී එක්වරම පැමිණි දුම්රියකට තම අත හසු වූ බවයි . අතින් වෙන් වූ කොටස සොයා බැලුවත් පැවැති අඳුර නිසා එය සොයාගැනීමට නොහැකි වූ බැවින් තනිවම රෝහලට පැමිණි බව ඔහු පවසා තිබේ .

මහනුවර ජාතික රෝහලේ පොලිස් ඒකකයේ ස්ථානාධිපතිඋප පොලිස් පරීක්ෂක රත්නායකමහතා තුවාලකරුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මහනුවර මූලස්ථාන පොලිසියට දැනුම් දී තිබේ .