රන්ජන් ලබන සතියේ නිදහස්

0
Ranjan is released next week - රන්ජන් ලබන සතියේ නිදහස්

සිර දඬුවම් විඳින ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා ජනපතිවරයාගේ පොදු සමාව යටතේ ලබන සතියේදී නිදහස් කෙරෙනු ඇතැයි අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

රාමනායක මහතා පිළිබඳ සියලු නිර්දේශ වාර්තා තමා ජනාධිපතිවරයාට බාරදී අවසන් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර වරද සම්බන්ධයෙන් සමාව ගැනීමේ ලියවිල්ලකටද රංජන් රාමනායක මහතා පසුගියදා අත්සන් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රන්ජන් රාමනායක මහතාට වසර හතරක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරනු ලැබීය.

ඒ 2021 වර්ෂයේ ජනවාරි 12 වැනිදාය.

මේ අනුව ඔහු වසර දෙකකට ආසන්න කාලයක් මේ වනවිට සිර දඬුවම් විඳ ඇත්තේය.

රංජන් රාමනායක මහතා ජනපති පොදු සමාව යටතේ නිදහස් කරන ලෙස සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් පසුගිය කාලයේදී රජයෙන් ඉල්ලා සිටියහ.