ඩෝනියර් – 228 සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානාවක් අද ශ්‍රී ලංකාවට

0
Dornier 228 - ඩෝනියර් – 228 සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානාවක් අද ශ්‍රී ලංකාවට

ඩෝනියර් – 228 වර්ගයේ සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානාවක් ඉන්දියාව විසින් අද ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිතයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර 2018 ජනවාරි මස 09 වන දින නවදිල්ලියේ පැවති දෙරටේ ආරක්ෂාව පිළිබද සාකච්ඡාව අතරතුරදී ශ්‍රී ලංකාවේ සමුද්‍ර නිරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඩෝනියර් වර්ගයේ සමුද්‍රිය නිරීක්ෂණ ගුවන් යානා දෙකක් ලබා ගැනීමේ හැකියාව පිළිබද අවධානය යොමු කර තිබුණා.

ශ්‍රී ලංකා රජයේ එම ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු රජය විසින් ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් – 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමටයි එකග වී ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන උත්සවයකදී ඩෝනියර් – 228 වර්ගයේ ප්‍රථම යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් භාරදීමට නියමිතයි.