ඉදිරියේදී කොවිඩ් සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්

0
WHO Warning about Delta Variant and Omicron - ඉදිරියේදී කොවිඩ් සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්

ඩෙල්ටා සහ ඔමික්‍රොන් වෛරස් ප්‍රභේදයන්හි බලපෑම හේතුවෙන් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉදිරියේදී සීග්‍රයෙන් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා.

යුරෝපය, අමෙරිකාව ඇතුලු කලාප රැසක රටවල දෛනික ආසාදිතයින් සංඛ්‍යා සීඝ්‍රයෙන් ඉහළ යමිනුයි පවතින්නේ.

යුරෝපා රටකින් මේ දක්වා එක් දිනයකදී වාර්තාවූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනේ වාර්තාව අඛණ්ඩව දෙවන දිනයටත් ඊයේ ප්‍රංශයෙන් සටහන්වුණා.

ඒ ආසාදිතයින් 208,000 ක් ලෙසයි.

පසුගිය සතියේදී අමෙරිකාවෙන් වාර්තාවූ දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සාමාන්‍ය දැක්වෙන්නේ 265,427 ක් ලෙසයි.

මීට අමතරව ඩෙන්මාර්කය, පෘතුගාලය, මහා බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යා සටහන් කරමින් සිටිනවා.

මෙය කොවිඩ් සුනාමි තත්වයක් ලෙස හඳුන්වාදිය හැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් මහතා පෙන්වා දෙන්නේ.