අලුතෙන් විවාහ වූ තරුණ අයට රජයෙන් වටිනා තෑග්ගක්

0
A Valuable Gift from the Government to Newlyweds - අලුතෙන් විවාහ වූ තරුණ අයට රජයෙන් වටිනා තෑග්ගක්

අලුතින් විවාහ වූ අඩු ආදායම්ලාභී තරුණ අය සඳහා ඉඩම් කට්ටි 2,000ක් බෙදා දීමට ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අඩු ආදායම්ලාභී කාණ්ඩයේ අලුතින් විවාහ වූ තරුණ තරුණියන්ට ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ විෂය පථයට අයත් ඉඩම් බෙදා දීමට කටයුතු කරන බවයි ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩී.රණවක මහතා පැවසුවේය..

ලබන ජනවාරි මාසයේ සිට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් අදාළ අයදුම්පත් ලබා ගත හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.