පාන් ඇතුළු සියළු බේකරි නිෂ්පාදනවල පාලන මිල ඉවත් කරයි

0
පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල පාලන මිල අතහැර දැමීමට තීරණය කර තිබේ.

බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරන්නේ අද මධ්‍යම රාත‍්‍රියේ සිට මෙම නව තීරණය ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව බේකරි නිෂ්පාදනවල මිල ඉල්ලුම සැපයුම අනුව තීරණය වනු ඇතැයි ද එම සංගමය කියා සිටී.

බේකරි කර්මාන්තයේ යෙදවුම් මිල ඉහළ යාම මත මෙම තීරණය ගත් බව සංගමය තව දුරටත් පවසයි.