ඉන්ධන නිකුත් කිරීම සඳහා කූපන් ක්‍රමයක් යෝජනා කෙරේ

0
Coupon System for Fuel Issuance is Suggested - ඉන්ධන නිකුත් කිරීම සඳහා කූපන් ක්‍රමයක් යෝජනා කෙරේ

අඩුආදායම්ලාභීන් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කූපන් ක්‍රමයකට ලබාදෙන ලෙස අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“ආණ්ඩුව අමාරු කාලයකට මුහුණ දී තිබෙන්නේ. ඒ නිසා මජනතාවටත් එක්තරා අමාරුකම්වලට මුහුණදෙන්න වෙලා තිබෙනවා. ඔවුන්ගේ කලකිරීම ඉවත්කර ගැනීමට අවශ්‍ය විශ්වාසයක් ලබාදෙන්න අපි ලෑස්ති. අපි යෝජනාකරනවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩුආදායම්ලාභී ජනතාවට අඩුමිලකට කූපන් ක්‍රමයකට ලබාදෙන්න කියලා. ඒ වගේම තෙල් භාවිතය කූපන් ක්‍රමයක් අනුව සලාක ක්‍රමයකට නිකුත් කිරීමට ක්‍රියාකරන්න. එමගින් තෙල් භාවිතය අඩුකරගන්න පිළිවෙළක් බලන්න.”