උත්සව සමයේ ආහාර හිඟයක් ඇති වන ලකුණු

0
Signs of Food Shortages During the Festive Season - උත්සව සමයේ ආහාර හිඟයක් ඇති වන ලකුණු

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රවය ඇතුළත් කන්ටේනර් දහසක් පමණ නිදහස් කර ගැනීම සඳහා අවම වශයෙන් ඇමරිකා ඩොලර් මිලියන විසිපහක් අද (17) වන විට ලබා නොදුනහොත් උත්සව සමයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට නොහැකි බව ආනයනකරුවන් වෙළෙඳ අමාත්‍යාංශයට ඊයේ (16) දැනුම් දී ඇත.

ඒ වෙ​ළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන සහ ආනයනකරුවන් අතර වෙළෙඳ අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

සහල්, පරිප්පු, අර්තාපල්, සීනි, ලොකුලූනූ වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එම කන්ටේනර්වල ඇතුළත්ව තිබේ.

මෙම ආහාර කන්ටේනර නිදහස් කර ගැනීම සඳහා ඩොලර් නොමැති වීමෙන් අර්තාපල් හා ලොකුලූනූ නරක්වීමේ අවධානමක්ද මතුව ඇති ඇති බව ආනයනකරුවන් මෙහිදී පෙන්වා දී ඇත.

ආනයනකරුවන්ගේ ඉල්ලීම මත අවශ්‍ය ඩොලර් කඩිනමින් ලබාදෙන ලෙස වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඊයේ (16) ලිඛිතව දැනුම් දී තිබේ. කන්ටේනර් වරායේ රඳවා තැබීම නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමට ද සිදුවන බව ආනයනකරුවන් මෙහිදී පෙන්වා දී ඇත.