ගෑස් පිපිරීමෙන් තුවාල ලැබූ අයෙක් රෝහල්ගත කළයුතු ආකාරය

0

ගෑස් සිලින්ඩර් ආශ‍්‍රිත පිපිරීමකින් කෙනෙක් පිලිස්සුම් තුවාල ලැබුවොත් පැය භාගයක් ඇතුළත ඔහුව ජලයෙන් නහවා පසුව රෝහල්ගත කිරීම ඉතා සුදුසු යැයි කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරී පුෂ්පා රම්‍යානි සොයිසා මෙනෙවිය පැවැසුවාය.

මේ වනවිට ගෑස් පිපිරීම් හේතුවෙන් එක් පුද්ගලයකු පිළිස්සුම් තුවාල ලබා හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇතැයිද හෙතෙම කීවාය.

මෙහිදී තවදුරටත් කතාකළ පුෂ්පා රම්‍යානි සොයිසා මෙනෙවිය මෙසේද කීවාය.

“ගෑස් පිපිරීමකින් යම් කෙනෙක් පිළිස්සුම් තුවාල ලැබුවොත් ඔහු හෝ ඇයව පැය භාගයක් නාවන්න. ඒ වගේම, ගෑස් පිපිරීමෙන් යම් කෙනෙක් ගිනි ජාලාවෙන් වෙලී ඉන්නවානම් ඔහුව ගෝනියකින් වෙලා බිම පෙරළවන්න. ඉන්පසු ඔහුව පැය භාගයක් විතර නාවන්න. ඊට පසු ඔහුව වාහනයකින් පහසුකම් තියෙන රෝහලක් කරා රැුගෙන යන්න.

ඒ වගේම ඔබ උදේ පාන්දර ආහාර පිසීමට ගෑස් ලිප දල්වන්න යන්න ඉස්සෙල්ලා මුළුතැන්ගෙයි දොර ජනෙල් අරින්න. ඊට පස්සේ ඔබ මුහුණකට සෝදාගෙන එන්න. ඉන්පසු ගෙදර ලයිට් දාන්න. ඊට පස්සේ ගෑස් ගඳක් එනවාද කියලා බලන්න. රෙගියුලේටරය සම්බන්ධ කරන ගෑස් ටැංකිය හා ගෑස් ලිප සම්බන්ධ වන ගෑස් බටය හරියාකාරව තියෙනවද කියලා බලන්න. ගැටලූවක් නැත්නම් ගෑස් ලිප දල්වන්න.”