ටික දවසකින් ආණ්ඩුව පුපුරාවි.. මේ ගමන ගැන කණගාටුයි…

0

ආණ්ඩුව කටයුතු කරන ආකාරය දෙස බැලූ විට ටික දවසකින් ආණ්ඩුවත් පුපුරනු ඇතැයි සැකයක් ඇති වන බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

ආණ්ඩුව යන ගමන පිළිබඳව අවංකවම කණගාටුවක් ඇති ව තිබෙන බවද පැවසූ අමාත්‍යවරයා මේ යන විදියට අලුත් පිරිසකට බලය ලැබෙනු ඇතැයි හැඟෙන බව ද පැවසීය.

ජනතාව 2019දී පරිවර්තනයක් සිදු කළේ මෙවැනි තත්ත්වයක් බලාපොරොත්තුවෙන් දැයි ප්‍රශ්නය මතුව තිබෙන බව ද ඔහු කියා සිටියේය.

කොළඹ පැවති උත්සවයයකින් පසු මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.