සාකච්ඡාවකට ආණ්ඩුවෙන් අවස්ථාවක් නැති බව නිදහස් පක්ෂය කියයි

0

ආණ්ඩුවේ සහෝදර පක්ෂ සමඟ අලුතින් සන්ධානගත වීමේ සාකච්ඡා ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා.

මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, සිය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවෙන් මෙතෙක් කිසිදු අවස්ථාවක් ලබා දී නොමැති බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ ද කියා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සුදුසු බවයි.