ඔමික්‍රෝන් ආසාදිත බවට හඳුනාගත් කාන්තාවට එරෙහිව නීතිමය පියවර

0
Upul Rohana Statement of Omicron Infected Women - ඔමික්‍රෝන් ආසාදිත බවට හඳුනාගත් කාන්තාවට එරෙහිව නීතිමය පියවර

ඔමික්‍රෝන් ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන්ගේ ඇතැම් සාම්පල ලබා දී මේ වනවිට දින හතකට ආසන්න කාලයක් ගත වුවද තවම වාර්තා ලැබී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මේ අතර නිරෝධායන නීතියට අනුව අදාල කාන්තාවට සහ සැමියාට එරෙහිව ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා

“ඇය විදේශගතවී නැවත රට ඇතුළට එද්දී 24 වෙනිදා, ඇය එන්නත් ලබාගෙන නැති නිසා සාමාන්‍ය අපේ තියෙන ක්‍රමවේදය අනුව තමයි PCR සාම්පල ලබාගන්නේ. එතැන ඉඳල තමයි මේ ගැටලුව නිර්මාණය වන්නේ. හැබැයි එතන අපි අගයකළ යුතු කොටසක් තියෙනවා. නිකන් PCR සාම්පලයක් ලබාගෙන එතැනින් ඒක ඉවර කරන්නේ නැතුව අවශ්‍ය කටයුතු කළාට.”

“මේ ස්වාමිපුරුෂයා ගුවන්තොටුපොළෙන් නිවසට පිටත් කර යවනවා. ගුවන්තොටුපොළේ සිට ආසාදිත කාන්තාව ලුනාවේ ප්‍රතිකාර මධ්‍යස්ථානය කරා යොමුකර තියෙනවා. ලුනාවේ එක දවසක් රඳවාගෙන ඇයව ඊට පස්සේ නිවසට යවනවා. අපිට මේ වනතුරුත් ඒ ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශය නිල වශයෙන් පැහැදිළි කිරීමක් කරලා නෑ ඇයි යැව්වේ කියලා”

“ගිලන් රථයකින් නෙවෙයි එම කාන්තාව නිවසට ගිහින් තියෙන්නේ. ඇයත් පරස්පර අදහස් යම් තරමකට ප්‍රකාශ කරලා තිබුනා. නමුත් මේ වෙද්දී ඒ ගෙන ආපු පුද්ගලයා ස්වාමිපුරුෂයා කියලත් යම් අදහස් පළකරලා තියෙනවා. මේකේ පේන්න තියෙන හිඩැස තමයි පරීක්ෂණයක් නැතුව අධීක්ෂණයක් නැතුව සාමාන්‍ය පුද්ගලයෙක් සමඟ ආසාදිත කාන්තාවක් නිවසට පිටත් කර එවීමේදී ඇය කොහෙද ගියේ. ඇය මොනවද කරේ කවුරු එක්කද නිරාවරණය වුනේ කියන එක ගැටළුවක් තියෙනවා.”

“අවම වශයෙන් මේ ස්වාමියා මෙම කාන්තාව පිළිබඳව ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ දැනුවත් කර නෑ. රසායනාගාරය පැත්තෙන් ඔවුන් කියනවා බොහෝ ආයතනවලට මේ පිළිබඳව දැනුවත් කළා කියලා. නමුත් නිරෝධායන ආඥා පනතේ 45 වැනි වගන්තිය ප්‍රකාරව සෑම වෛද්‍ය වෘත්තිකයෙක් සෞඛ්‍ය වෘත්තිකයෙක්ම බැඳිලා ඉන්නවා මෙහෙම ආසදිතයෙක් හමුවුනාම ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට දැනුම්දෙන්න. කොහොම වුනත් අපේ පැත්තෙන් එහෙම දැනුම්දීමක් කරලා නෑ.”

“හැමෝටම වගකීමක් තියෙනවා විශේෂයෙන් නෛතිකමය වගකීමක් තියෙනවා මෙවැනි දේවල් අදාළ බලධාරීන් දැනුවත් කරන්න, නිරෝධායන ආඥා පනතේ 46 වන වගන්තිය ප්‍රකාරව මෙම කාන්තාව සහ ස්වාමිපුරුෂයාට ඉදිරියේදී නෛතිකයමය වශයෙන් පියවර ගැනීමට කටයුතු කරනවා.”