අල්ලාහු අක්බාර් කියමින් සිරුරට තෙල් දමා ගිනි තැබු බවට පාපතරයාගෙන් පාපොච්චාරණයක්

0
Sri Lankan Person Murder Incident in Pakistan - අල්ලාහු අක්බාර් කියමින් සිරුරට තෙල් දමා ගිනි තැබු බවට පාපතරයාගෙන් පාපොච්චාරණයක්

පාකිස්තානයේ රාජ්කොට් කම්හලේ කළමනාකරු පි‍්‍රයන්ත කුමාර මහතාගේ සිරුරට තෙල් දමා ගිනි තැබුවේ තමා බව මොහොමඞ් කලාම් නමැත්තා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මම මිනිසුන් එකතු කර කළමනාකරුව ගිනි තැබීමට කි‍්‍රයා කළා යැයි පවසා ඇති කලාම් නැමත්තා අප අල්ලාහු අක්බාර් යැයි කියමින් එම ගිනි තැබීම සිදු කළා යැයි ද කියා ඇත.

මොහු මෙම පාපොච්චාරණය කළ බව හමිඞ් මිරි නමැති මාධ්‍යවේදියා ද අනාවරණය කර ඇත.