චීන පොහොර සමාගම ලංකාවෙන් වන්දි ඉල්ලා සිංගප්පූරුවේ නඩු දමයි

0

ශ්‍රී ලංකාවට කාබනික පොහොර තොගයක් එවන ලද චීන පොහොර සමාගම විසින් එම නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවතට ගෙන ගොස් තිබේ.

ඔවුන් තමන්ගේ පොහොර තොගය ශ්‍රී ලංකාවේ භාර නොගැනීම හේතුවෙන් සිදු වූ අලාභය ඉල්ල ඉල්ලමින් සිංගප්පූරුවේ බේරුම්කරණයට පැමිණිලි කර ඇත.

ඩොලර් මිලියන 8ක වන්දි මුදලක් ඔවුන් ඉල්ලා ඇති අතර නැව් ගාස්තු හා නඩු ගාස්තුද ශ‍්‍රී ලංකා රජයෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඇත.

එම කාබනික පොහොර තොගයේ අහිතකර ක්ෂුද්‍ර ජීවි සිටින බවට හෙලිවීමෙන් පසු ශ්‍රී ලංකාව එම පොහොර තොගය භාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.