සතුන් හරහා නව කොරෝනා ප්‍රභේදයක්.. නව අධ්‍යයනයකින් අනාවරණ වූ දේ…

0
New Corona Variant across Animals - සතුන් හරහා නව කොරෝනා ප්‍රභේදයක්

මිනිසුන් වෙතින් කොරෝනා ආසාදනය වන සතුන් හරහා නව කොරෝනා වෛරස් ප්‍රභේද නිර්මාණය විය හැකි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

ඇමරිකානු පශු වෛද්‍ය සහ ජෛව විද්‍යා ආයතනය සිදුකළ මෙම අධ්‍යයනයේදී බල්ලන්, බළලුන්, මුගටියන් සහ හෙම්ස්ටර් මීයන්ට මිනිසුන් වෙතින් කොරෝනා වෛරසය ආසාදනය වූ අවස්ථාවන් විශ්ලේෂණය කර ඇති බව සඳහන්.

එහිදි එම සත්වයන් වෙතින් මතුවන කොරෝනා ප්‍රභේද විශ්ලේෂණයේදී අනාවරණ වී ඇත්තේ නව ප්‍රභේද ඇතිවීමේ ඉහළ අවස්ථාවක් පවතින බවයි.

කොරෝනා වෛරසයේ විශේෂ ඇතිවීමේ පරාසය ඉහළ මට්ටමක පැවතීමද ඊට හේතුවක්.

මිනිසා වෙතින් බොහෝ සතුන්ට වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතින අතර, එහිදී සත්වයන් හරහා විවිධ ප්‍රභේද මතුවිය හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.

මිනිසා වෙතින් සියලු වර්ගයේ කොරෝනා වෛරස ප්‍රභේද ආසාදනය විය හැකි නමුදු බළලුන් වෙතින් මිනිසාට කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවස්ථා මෙතෙක් අනාවරණ වී නැහැ.