දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි

0

මේ වනවිට දිවයිනේ ප්‍රදේශ ගණනාවක හදිසි විදුලි බිඳ වැටීමක් සිදු වී ඇති බව වාර්තා වෙනවා.

ප්‍රාදේශිය මාධ්‍යවේදී ජාලය තහවුරු කරන ආකාරයට මෙම විදුලි බිඳවැටීම දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම පාහේ වාර්තා වන බවයි.

මීට දින කිහිපයකට ම පෙර කොත්මලේ සිට බියගම දක්වා විදුලිය සම්ප්‍රේෂණය කරන ප්‍රධාන රැහැන් පද්ධතියේ බිඳවැටීමක් සිදු වූ අතර, විදුලි බලමණ්ඩලය පවසා සිටියේ, ඒ හේතුවෙන් මෙගා වොට් 500ක පමණ ධාරිතාවක් ජාතික පද්ධතියෙන් ඉවත් වූ බවයි.

මේ අතර, මේ වනවිට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ඉන්ජිනේරුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක ද නිරත වනවා.