සැමියා තියුණු ආයුධවලින් පහර දී බිරිඳ සහ ලේලිය ඝාතනය කරයි

0
Ceime in matara - බිරිඳ සහ ලේලිය

සැමියා විසින් සිය බිරිඳ සහ ලේලිය තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් මාතර – හුංගම – ඇත්බටුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

සිද්ධියෙන් මියගිය බිරිඳගේ වයස අවුරුදු 67 වන අතර ලේලිය 39 හැවිරිදි වියේ පසුවනවා.

ඔවුන් පදිංචි නිවස ඉදිරිපිට දී මෙම ඝාතනය ඊයේ සිදුකර ඇති අතර, ඝාතන සිදුකළ සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති අතර, මිය ගිය ලේලියට වයස අවුරුදු 4ක දරුවෙකු ද සිටින බවයි වාර්තා වන්නේ.