රනිල්වත් අගයමින් එජාපයේ අඩුපාඩු පෙන්වමින් අර්ජුන ඉවත්වීමට පෙර යැවූ ලිපිය

0
Arjuna Ranathunga Resign from UNP - රනිල්වත් අගයමින් එජාපයේ අඩුපාඩු පෙන්වමින් අර්ජුන ඉවත්වීමට පෙර යැවූ ලිපිය

එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව අර්ජුන රණතුංග මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ඊයේ (29) ලිපියක් යවමින් දැනුම් දී තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

2020 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලැබුණු දැවැන්ත පරාජය හමුවේ වත්මන් සහ අනාගත අභියෝග ජය ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් සැකසීම අවශ්‍ය වූවත් අදටත් එවැනි නිසි සහ සුදුසු වැඩ පිළිවෙළක් ඇති වන බවක් පෙනෙන්නට නොමැති වීම හේතුවක් බවයි රණතුංග මහතා එම ලිපියේ සඳහන් කර තිබෙන්නේ.

තව දුරටත් පක්ෂයේ රැඳී සිටීම පළක් නොමැති බව හැඟෙන බැවින් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කළ බවද රණතුංග මහතා එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

රටේ යහපත සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකට කළ නායකත්ව ගුණාංග බෙහෙවින් අගය කරන බවද අර්ජුන රණතුංග මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරනවා

එමෙන්ම අසමගියට වඩා සමගිය ජයග්‍රහණයේ පදනම බව ක්‍රිකට් ජීවිතයේදී පමණක් නොව සාමාන්‍ය ජිවිතයේදීද අත්දැකීමෙන් දන්නා කරුණක් බවද පවසනවා.