සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්තිවලට අනුගත වෙන්න බැරිනම් ඉවත් වෙන්න

0
Sagara Kariyawasam Statement of SLFP Action - සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්තිවලට අනුගත වෙන්න බැරිනම් ඉවත් වෙන්න

සන්ධානයක් ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කටයුතු කළ නොහැකි නම් ඉන් ඉවත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ යම්කිසි ප්‍රතිපත්තිමය තීරණයක දෝෂයක් ඇතිවූ විට එය විවේචනය කිරීම පිළිගත නොහැකි බවය.

“බොර දියේ මාළු බානවා වගේ දෙයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකරමින් යනවා මේ වෙලාවේ. උදාහරණයක් නම්, කාබනික පොහොර ක්‍රියාව. ඒක සාර්ථක වුණා නම් ඔය සිරිසේන ජනාධිපති තමයි මුලින්ම එළියට බැහැලා කියන්නේ ඕක මුලින්ම පටන් ගත්තේ මම කියලා. නමුත් මේක වැරදුනාම ඒකට විරුද්ධව කතා කරනවා. මේක සන්ධානගත දේශපාලනයක සිදු නොවිය යුතු දෙයක්. යම් පක්ෂයක් හිතනවා නම් සෞභාග්‍යයේ දැක්මේ ප්‍රතිපත්ති අනුව ඔවුන්ට ඊට අනුගත වෙන්න බෑ කියලා.. කළ යුත්තේ ඉවත්වීම.”