24 හැවිරිදි තරුණයා මරා දැමූ ඇහැළියගොඩ ඛේදවාචකය

0
Murder in eheliyagoda - 24 හැවිරිදි තරුණයා

හිස කඳින් වෙන් කළ පුද්ගලයෙකුගේ සිරුරක් ඇහැලියගොඩ මින්නාන ප්‍රදේශයේ මහ මග දමා ගොස් ඇති බවට ඊයේ (19) රාත්‍රියේ ඇහැලියගොඩ පොලිසියට තොරතුරක් ලැබී තිබුණා.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට ඊයේ රාත්‍රියේම පැමිණි පොලිසිය විමර්ශන ආරම්භ කළා.

ඒ අනුව සිරුර හමු වූ ස්ථානයෙන් මීටර් 100ක් පමණ දුරින් පිහිටි ස්ථානයකදී හිස පොලිතින් උරයක දමා ගොස් තිබියදී සොයා ගෙන තිබෙනවා.

වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඝාතනයට ලක් වූ පුද්ගලයා අවිස්සාවේල්ල ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 24 හැවිරිදි තරුණයෙකුගේ බවයි.

ඔහු මීට වසර එකහමාරකට පමණ පෙර පුද්ගලයෙකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් වන අතර, ඒ සම්බන්ධයෙන් අවිස්සාවේල්ල අධිකරණයේ නඩුවක්ද විභාග වෙමින් පැවතුණා.

මීට අදාළ ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ඇහැලියගොඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

(https://liveat8.lk/ වෙබ් අඩවිය ඇසුරිනි)