එක්වරක දී වාර්තා වු වැඩිම ආසාදිතයින් ගණන

0

අද කොවිඩ් 19 ආසාදිතයින් 3051ක් මේ දක්වා වාර්තාවී තිබෙනවා.මෙම සංඛ්‍යාව එක් දිනක් තුල මෙරටදී මෙතෙක් වාර්තාවූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 150,771ක් ලෙසටයි.

මෙම ආසාදිතයන්ගෙන් 27389ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 122,367ක්. ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා මරණ 1015ක් ද වාර්තාවී තිබෙනවා.