මහරගම නගර සභාවේ සභාපතිගේ පියා විදුලිය හොරට අරන්

0
මහරගම නගර සභාවේ සභාපතිගේ පියා විදුලිය හොරට අරන්
මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියාට අයත් නිවසක විදුලි සබඳතාව විසන්ධි කර තිබෙනවා.

ඒ නීත්‍යානුකූල නොවන අයුරින් විදුලිය ලබාගැනීම හේතුවෙන්.

විදුලිය විසන්ධි කර ඇත්තේ හෝමාගම ගලවිලවත්ත ශාන්ති මාවතේ පිහිටි නිවසක බව සඳහන්.

විදුලිබල මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් මෙලෙස එම නිවසේ විදුලිය විසන්ධි කර තිබුනේ ඊයේ දිනයේදීයි.

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් ප්‍රියන්ත මහතා මෙහිදී පොලීසියට හා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ට ප්‍රකාශ කර ඇත්තේ එම කටයුතු සිදු කර ඇත්තේ , සිය වරප්‍රසාද යටතේ බවයි.