සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා කැඳවයි

0
සාමය පවත්වාගෙන යාමට සන්නද්ධ හමුදා කැඳවයි
ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා එයට සම්බන්ධ ජල තීරයන්වල ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවල සියලුම සාමජිකයන් කැඳවමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (22දා) සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 2019 වසරේදී ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු දා ප්‍රහාරයෙන් අනතුරුව එවක ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සාමය පවත්වාගෙන යාම සඳහා මෙසේ සන්නද්ධ හමුදාව කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත කරනු ලැබීය.

එම ගැසට් නිවේදනය සෑම මසකම 22දා නිකුත් කරනු ලබන්නේ ඉදිරි මාසයක කාලයක් සඳහා බලපැවැත්වෙන අයුරිනි.