අද කොවිඩ් ආසාදිතයින් ගණන 700 ඉක්මවයි

0
තවත් කොවිඩ් ආසාදිතයින් 229 දෙනෙක් අද (20) දිනයේ වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

අද දිනයේ දෛනික ආසාදිතයින් ගණන 725කි.

ඒ අනුව, මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 555,927කි.

කොවිඩ් -19 ආසාදිතයින් 442ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Today Recoveries

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 526,353 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරටින් තවත් කොවිඩ් මරණ 22ක් වාර්තා වී තිබෙනවා.

මෙරට කොවිඩ් 19 පිළිබඳව නවතම තත්ත්වය මෙතනින්.