තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන්

0
තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන්
කොවිඩ් ඩෙල්ටා වෛරස් ප්‍රභේදයේ තවත් අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන ඇති බව රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්ති අණුක සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ඔහු ට්විටර් සටහනක් තබමින් සන්ධාන කළේ එය බී 1 යි 617 යි 2 යි 104 ලෙස නම් කර ඇති බවයි.

කෙසේවෙතත් මේ දක්වා ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ ඩෙල්ටා අනු ප්‍රභේදය නම් කර තිබුණේ බී 1 යි 617 යි 2 යි 28 ලෙසයි.

මේ අතර කොවිඩ් වසංගතය මර්දනය සඳහා ගත යුතු සෑම පියවරක්ම රජය විසින් මේ වනවිටත් අනුගමනය කර අවසන් බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

මින් ඉදිරියට ඇත්තේ ජනතාව සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීම බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශ වල කොවිඩ් පොකුරු ඇතිවීමේ ප්‍රවණතාවක් දැකගත හැකි බවයි සෞඛ්‍ය අංශ අනතුරු අගවන්නේ.

පසුගිය දිනවල මංගල , අවමංගල උත්සව සහ පිංකම් වලට සහභාගී වු පිරිස් රැසක් මෙලෙස කොවිඩ් වෛරසය ගොදුරු වන තත්වයක් දැකගත හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කලේ.