පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් දඹුල්ලෙන් අල්ලයි

0
පරිභෝජනයට නුසුදුසු අර්තාපල් තොගයක් දඹුල්ලෙන් අල්ලයි
මිනිස් පරිභෝජනයට නොසුදුසු අර්තාපල් කිලෝ හතලිස් දහසක පමණ තොගයක් දඹුල්ල නගර සභාවේ සෞඛ්‍ය නිළධාරින් භාරයට ගෙන තිබෙනවා. ඒ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබියදීයි.

ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති මෙම අර්තාපල් තොගය වෙළදපලට මුදාහැරීම සදහා පිරිසිදු කරමින් සිට ඇති බව සඳහන්.

කන්ටේනරය තුළ අර්තාපල් කිලෝ 40,000කට අධික ප්‍රමාණයක් ඇති බවත් ඒවා සියල්ල කුණු වී සමහර අර්තාපල් පැළ වී තිබෙනු දක්නට ලැබුණු බව නගර සභා සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ.

පරිභෝජනයට නුසුදුසු මෙම අර්තාපල් තොගය සම්බන්ධයෙන් අද දින දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුනු ඉදිරිපත් කිරීමට නියමිතයි.