
නිවසක් ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටි පුද්ගලයකුට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල වූ සිද්ධියක් මඩපාත පොල්හේන ප්‍රදේශයෙන් වාර්තා විය.
ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම අමානුෂික ප්‍රහාරය එල්ල කර පළාගොස් තිබේ.
පහරදීමෙන් එම පුද්ගලයාගේ දකුණු අත මැණික්කටුව අසලින් වෙන්වී ඇති අතර පාද දෙකට ද බරපතළ කැපුම් තුවාල සිදුවී ඇත.
පොලීසිය සඳහන් කළේ ප්‍රහාරයට ලක්වී ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයකු බවය.
ඔහු මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිවූවකු බවද ප්‍රදේශවාසීන් පවසයි.
ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් දෙදෙනා රතු පැහැති ත්‍රීරෝද රථයකින් පැමිණ තිබේ.
සැකකරුවන් කවුදැයි තුවාලකරු විසින් හඳුනාගෙන ඇති බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලීසිය පරීක්ෂණ සිදුකරයි.