බදුල්ල බන්ධනාගාරය තුළ ගැටුමක්

0

බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක් ඇති වී තිබෙන අතර එම ගැටුමෙන් රැඳවියන් 05 දෙනෙකු තුවාල ලබා බදුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

ඊයේ (10) සවස එම ගැටුම ඇතිවී ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා විසින් පරික්ෂණයක් ආරම්භකර තිබේ.

පාස්කු ඉරිදා එල්ලවූ බොම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රැඳවියන් සහ තවත් රැඳවියන් පිරිසක් අතර එම ගැටුම හටගෙන ඇති බව වාර්කරු පැවසීය.