වට්ස්ඇප් නව කොන්දේසි ගැන ඔබ දැනුවත් ද ?

0
whatsapp new terms and conditions 2021 - වට්ස්ඇප් නව කොන්දේසි

වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව පෙරේදා (15) දින සිට යාවත්කාලීන කිරීමට වට්ස්ඇප් සමාගම කටයුතු කර ඇත. 

යාවත්කාලීන කරන ලද කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව නොපිළිගන්නා වට්ස්ඇප් පරිශීලකයන්ට ඉදිරි සතිවලදී එම සමාගම විසින් සම්බාධක පැනවීමක් සිදුකෙරෙනු ඇති බවට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

මෙම සම්බාධක පැනවීම හරහා පරිශීලකයන් හට තම චැට් ලැයිස්තුවට පිවිසීම සීමාවන අතර අවසානයේදී පරිශීලකයන්ට වට්ස්ඇප් යෙදුම හරහා පැමිණෙන ඇමතුම් වලට පිළිතුරු දීමටද නොහැකිවනු ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දෙයි.