පිටින් පැමිණීම තහනම් කර 20 වැනිදා සම්මත කරන වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත.

0

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා විසින් හෙට (18)දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

‍ඒ අනුව හෙට (18) සහ අනිද්දා (19) යන දෙදින තුළ මීට අදාළ විවාදය පැවැත්වෙනු ඇත.

අදාළ ඡන්ද විමසීම 20 වනදා පස්වරු 04 ට පැවැත්වීමට නියමිතය.

මෙම කාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හැර වෙනත් බාහිර කිසිවෙකුටත් පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණීම තහනම් කර තිබේ.