වරාය නගර පනත් කෙටුම්පත සංශෝදන සහිතව වැඩි ඡන්ද 89කින් සම්මත වෙයි

0
Port city act in parliment - වරාය නගර පනත් කෙටුම්පත සංශෝදන සහිතව වැඩි ඡන්ද 89කින් සම්මත වෙයි

වරාය නගරය පනත් කෙටුම්පත අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 148 ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 59 ක් ලැබී තිබුණා.

ඒ අනුව වැඩි ඡන්ද 89කින් වරාය නගර ආර්ථික සභා පනත් කෙටුම්පත සම්මත වී තිබෙනවා.

වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අනුව අදාළ සංශෝධන ඊට එක් කරන බවඑම පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඊයේ (19) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ වරාය නගරයේ රැකියාවන්වලින් සියයට 75ක් ශ්‍රී ලාංකිකයන්ට ලබා ගැනීමට අවශ්‍ය රෙගුලාසිද එම පනතට ඇතුළත් කරන බවයි.