මෙන්ඩිස්, ගුණතිලක සහ දික්වැල්ල ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ

0
Mendis, Gunathilaka and Dikwella in LPL Auction - මෙන්ඩිස්, ගුණතිලක සහ දික්වැල්ල ලංකා ප්‍රිමියර් ලීග් වෙන්දේසියේ

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ක්‍රීඩකයින් තෝරා ගැනීම අදාල වෙන්දිසිය අද (09) දිනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම වෙන්දේසියට මේ වනවිට මාස 06 ක කාලයක් දේශීය ක්‍රිකට් තහනමකට ලක්ව සිටින කුසල් මෙන්ඩිස් , ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් තිදෙනා ද ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම ක්‍රීඩකයින් තිදෙනා මිළදී ගැනීමේ හැකියාව LPL කණ්ඩායම් හිමිකරුවන්ට ලැබෙනවා.

මේ අතර ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී මෙම ක්‍රීඩකයින් තිදෙනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ ඔවුන්ගේ දේශීය තරඟ තහනම අවසන් වු වහාම ඔවුන්ට දේශීය තරග ක්‍රීඩා කළ හැකි බවයි.

මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා විදෙස් ක්‍රීඩකයින් 300ක් සහ දේශීය ක්‍රීඩකයින් 300 දෙනෙක් එක්කර තිබෙනවා.

ඒ අනුව එක් කණ්ඩායමකට ක්‍රීඩකයින් 20 දෙනෙකු තෝරා ගැනීමට හැකියාව පවතින අතර එහිදී දේශීය ක්‍රීඩකයින් 14ක් සහ විදේශීය ක්‍රීඩකයින් 06 දෙනෙකුගෙන් කණ්ඩායමේ සංයුතිය සකස් විය යුතුයි.