ෆේස්බුක් මව් සමාගමේ නම මෙටා ලෙස වෙනස් කෙරේ

0
Facebook Name Change as Meta - ෆේස්බුක් මව් සමාගමේ නම මෙටා ලෙස වෙනස් කෙරේ

ෆේස්බුක් සමාජ ජාලය ඇතුළත් මව් සමාගමේ නම “මෙටා” ලෙස වෙනස් කිරීමට යෝජනා වී තිබෙනවා.

එහි ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසන්නේ මීළග දශකය තුළ තම සමාගම පරිශීලකයින් බිලියනයකට ළගා වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි.

ෆේස්බුක් වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රම් ඇතුලු සමාජ ජාල රැසක් එකම සමාගමකට අයත් වන අතර එහි නාමය පමණක් මෙලෙස වෙනස් වන අතර එක් ඒ සේවාවේ නාමයන් තවදුරටක් එලෙසින්ම පවතිනු ඇති.

සකර්බර්ග් පවසන්නේ එය නිර්මාණකරුවන් සඳහා මිලියන ගණනක් රැකියා උත්පාදනය කරන නව පද්ධතියක් වනු ඇති බවයි.

කෙසේවෙතත් මෙම නම් වෙනස් කිරීම කෙදිනක සිදුවේදැයි තවමත් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.