පළාත් සංචරණ සීමා තවත් දිගු වෙයි

0
General Shavendra Silva Statement of Travel Restrictions - පළාත් සංචරණ සීමා තවත් දිගු වෙයි

පළාත් අතර ක්‍රියාත්මක සංචරණ සීමා මෙම මස 31 වැනිදා දක්වා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

මුලින් තීරණය කරගත් පරිදි පළාත් අතර සංචාරණ සීමා අවසන්වීමට නියමිතව තිබුණේ හෙට (21) දිනයේය.

කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඇතැම් පිරිස් සංචරණ සීමා කඩ කරමින් පිට පළාත්වලට යන බවට තොරතුරු ලැබී ඇතැයි ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (19) අනාවරණය කළේය.

මේ අතර සංචරණ නීති කඩ කරමින් පිට පළාත්වලට යෑමට උත්සහ දැරූ දහසකට ආසන්න පිරිසක් ආරක්ෂක අංශ විසින් පසුගිය (16 ) වැනිදා ආපසු හරවා එවනු ලැබූහ.