නිශාරා ජයරත්න කියන නාමය මෑතක සිට බොහෝ දෙනා අතර කතාබහට ලක්වන නමක්. රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න. ඉතින් පසුගිය කාලයේත් එතුමිය පිළිබඳව පත්තර ලිපි,පුවත් බොහොමයක් දැකගන්න හැකිවුනා. ඇයගේ ලස්සන ඡයාරූප නිසා බොහෝ දෙනා අතර මේවා හුවමාරු වුනා.
ඉතින් නිශාරා ජයරත්න මහත්මියගේ නවතම ඡායාරූප පෙළක් මේ දවස්වලත් සමාජ මාධ්‍ය තුල තියනවා. ඒ දේවලුත් සමගින් එතුමිය පිළිබඳව කතාබහ කරන්නයි මේ සුදානම. ඇය පිළිබඳව කතාකරද්දී ජයරත්න මල් ශාලාව ගැන කතා නොකර බැහැ. ජයරත්න මල් ශාලාව කියන නාමය ගොඩක් කාලයක ඉඳන් ලංකාවේ සමාජ මාධ්‍ය තුල කතාබහට ලක්වන නමක්, අදටත් බොහෝ දෙනා අතර ජනප්‍රියම නාමයක් බවට පත්වෙලා තියනවා.
මුහුනුපොතේ පිටු රැසක්ම මේ නමින් ජනප්‍රිය වෙලා තියනවාත් දැකගන්න පුලුවන්.ලංකාවේ මල් ශාලා කෙතරම් තිබුනත් හොදටම ප්‍රසිද්ද ජයරත්න මල් ශාලාව. ඉතින් නිශාරා ජයරත්න කියන්නේ එම මල් ශාලාවේ අධිපති තුමාගේ දියණිය. එතුමිය පිළිබඳව අද වෙද්දී නම් බොහෝ දෙනා දන්නවා. ඉතින් අද අපි ඇය පිළිබඳව විස්තර ටිකක් ගෙන එන ගමන් එතුමියගේ අලුත්ම පින්තුර එකතුවකුත් ඔයාලට බලන්න අරගෙන ගෙන එන්න සිතුවා.
ඇය මුලින්ම අධ්‍යාපනය ලබන්නේ කොළඹ පිහිටි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන්. ඉන් පස්සේ ස්ටැෆර්ඩ් ජාත්‍යන්තර විදුහලෙන් අධ්‍යාපනය හදාරා පසුව එංගලන්තයේ කෙන්ට් විශ්ව විද්‍යාලයට ඇතුලුවී අධ්‍යාපනය නිම කිරීමෙන් පසු ලංකාවට පැමිණ එහිදි උපාධිය අවසන් කිරීමෙන් පස්සේ රජයේ අධි නීතිඥවරියක් ලෙස දිවුරැම් දී තිබෙනවා.
ජාත්‍යන්තර පාසලේදී නීති විෂය හදාරලා නීතිය විෂයට ‘ඒ ’ සාමාර්ථයක් ලබාගනිමින් ඇය ඉහලින්ම උසස් පෙළ සමත් වෙලා තියනවා. උසස් අධාපනය වෙනුවෙන් ඇය එංගලතයේ අවුරුදු තුනක් පමණ ඉඳලා තියනවා. ඉන් පස්සේ ලංකාවට ඇවිත් අවුරුදු එකහමාරකින් විභාග අවසන් කරන්න පුළුවන් වෙලා තියනවා, ඒ වෙද්දී ඇයට උපාධියක් තියෙන නිසා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරියක් විදිහට ඇය දිවුරුම් දෙන්නේ 2011 වර්ෂයේදී, ඒ වගේම හරිම සතුටින් මේ රාජකාරියේ නිරත වෙනවා කියලත් ඇය කියලා තියනවා. එතුමිය කියන විදියට මේ කටයුතු කරගන්න හැමෝගෙන්ම ලොකු සහයෝගයක් ලැබෙනවාලු. ඉතින් ඒ විදියට තමයි රජයේ අධිනීතීඥවරිය වන නිශාරා ජයරත්න මෙනවිය ගැන විස්තර වෙන්නේ.
මෙහි තිබෙන බොහෝ ජායාරූප කැමරා කාචයට අරන් තියෙන්නේ ‘ Thilina Ben Photography’ විසින්.
(https://www.21mediavision.com/ වෙබ් අඩවියෙනි)