මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබු‍නොත් ඉන්ධන මිල ඉහළට

0
Udaya Gammanpila Statement of Fuel Price - මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබු‍නොත් ඉන්ධන මිල ඉහළට
මුදල් අමාත්‍යාංශයෙන් සහනයක් නොලැබු‍නොත් ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඔහු පැවසූවේ අයි.ඕ.සී. සමාගම පෙට්‍රල් ලීටරයක් රුපියල් 15කින් සහ ඩීසල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ දමන ලෙස ඉල්ලා ඇති බවයි.

මීට අමතරව ඛනිජතෙල් නීතිගත සංස්ථාවද ඉන්ධන මිල ඉහළ දමන ලෙස ඉල්ලීමක් කර ඇති බව පෙන්වා දුන් බලශක්ති අමාත්‍යවරයා, ඊට භාණ්ඩාගාරයෙන් ලැබෙන සහනය පිළිබඳව මෙතෙක් දැනුම්දීමක් කර නොමැති බවද ප්‍රකාශ කළා.

මේ අතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තවත් අමුද්‍රව්‍ය රැසක මිල ද මේ වනවිට බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති අතර, වෙළෙඳුන් සහ පාරිභෝගිකයන් පවසන්නේ එම භාණ්ඩවල හිඟයක් ද දක්නට ලැබෙන බවයි.