දිස්ත්‍රික් 306C1 නව සිංහාධිපති අමල් පුස්සැල්ලගේ

0
පුස්සැල්ලගේ
පුස්සැල්ලගේ

සීතාවක රාජධානියේ හේවාගම් කෝරලයේ කොස්ගම ග්‍රාමයේ පදිංචි ඉඩම් හිමි වැවිලිකරුවෙකුවූ ඩේමියන් පුස්සැල්ලගේ හා බර්නදෙත් ඔලිවියා සිල්වා දම්පතීන්ට දාව දරුවන් තිදෙනෙකුගෙන් යුතු පවුලේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් ලෙස උපත ලැබූ අමල් පුස්සැල්ලගේ හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය තුළින් උසස් අධ්‍යාපනය හදාරනු ලැබීය.

නිලූෂා කුලසූරිය මහත්මිය සමග යුගදිවියට එලෙඹෙන ඔහු ඇයට දයාබර සැමියෙකු මෙන්ම දියණියන් දෙදෙනෙකුගේ ද පුතණුවකුගේ ද ආදරණීය පියෙකි. තමතරුණ වයසේ සිටම සමාජ සේවය ප්‍රමුඛකරගත් ඔහු පසු කලෙක සිංහ සමාජය හා එක්ව තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් විශාල සමාජ සේවයක් ඉටුකළ අයෙකි.

තම දෙමාපියන්ගෙන් දායාදවූ මිලියන අටක් පමණ වටිනා ඉඩමක් තරුණ සංවර්ධන මධ්‍යස්ථානයක් ගොඩනැගීම වෙනුවෙන් පරිත්‍යාග කිරීම එයින් විශේෂවේ. ඔහු සතු දක්ෂතාවයත් විශ්වාසනීයත්වයත් නිසාම 306C1සිංහ දිස්ත්‍රික්කයේ ”සිංහාධිපති” ලෙස ඔසවාතැබීමට සිංහ සාමාජිකයින් කටයුතු කරනු ලැබීය.

තීක්ෂණ ඥානයකින් හෙබි ඔහු වසර 20 කට අධික කාලයක් සන්නිවේදන ක්ෂේත්‍රය තුළ තමාගේම සමාගමක් ආරම්භකර සාර්ථකව පවත්වා ගෙනයමින් සේවකයින් 150 කට වැඩි පිරිසකට රැකියා ලබාදීමට කටයුතුකර ඇත. එම අතරම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉහළම ගෞරවයට හා පැසසුමට ලක්වූ ඔහු සේවකයන් ගේ හා පාරිභෝගිකයන් ගේ විශ්වාසය දිනාගනිමින් ප්‍රශංසනීය සාර්ථක ව්‍යාපාරිකයෙකු වශයෙන් කීර්තිය දිනා ඇත.

පුස්සැල්ලගේ