දාහතර හැවිරිදි දැරියකගේ මළ සිරුරක් වසා දැමූ නිවසක

0
Child Death Body in Dambulla - දාහතර හැවිරිදි දැරියකගේ මළ සිරුරක් වසා දැමූ නිවසක

දඹුල්ල කලෝගහඇල ප්‍රදේශයේ නිවසක ඝාතනය කර තිබූ වයස අවුරුදු 14 ක දැරියකගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

අසල්වාසි නිවසක දැරියකට ඉගැන්වීමට යැයි පවසා ඇයගේ පියා විසින් පසුව මරණයට පත්වූ අදාළ දැරිය පසුගිය 06 වනදා යතුරු පැදියෙන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය සදහන් කළා.

කෙසේ වෙතත් නැවතත් එම දැරිය සිය නිවසට නොපැමිණීම හමුවේ දැරියගේ දෙමාපියන්, දැරිය ගෙන ගිය නිවසට ගොස් ඇති අතර එම නිවසේ කිසිවකු සිට නොමැති බවට අනාවරණය වී තිබෙනවා.

අදාළ නිවසේ දැරිය නොසිටි බැවින් දැරිය රැගෙන ගිය අසල්වාසි නිවසේ සිටි පිරිස මීට මාස 02 කට පමණ පෙර කුලියට ගෙන පදිංචිව සිටි නිවසකටද අදාළ දෙමාපියන් ගොස් ඇති නමුත්, එම නිවස අගුලූ දමා තිබීම හේතුවෙන් දැරියගේ දෙමාපියන් මේ සම්බන්ධව දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඒ අනුව අගුලූ දමා තිබු කුලි නිවසේ කළ පරික්ෂා කිරීමේදී එම නිවසේ ඇදක් මත දැරිය ඝාතනය කර සිටියදී සොයා ගෙන ඇති බව සදහන්.

මෙලෙස ඝාතනයට ලක් වූ දැරිය රැගෙන ගිය සැකකරු සහ ඔහුගේ බිරිද මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකයි.

ඝාතනයට ලක්ව ඇත්තේ දඹුල්ල අතුපාරයාය ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක්.

දඹුල්ල පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.