උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග තවත් කල් යන ලකුණු

0
State Education Minister Statement of Exam - උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග තවත් කල් යන ලකුණු
දැනට පැවැත්වීමට දින නියම කර ඇති උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග තවදුරටත් කල් දමන ලෙස ඉදිරිපත් වී ඇති ඉල්ලීම් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

හෙතෙම මේ අදහස් පල කළේ ඊයේ (5) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රි ශාන්ත බණ්ඩාර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසූ පැනයකට පිළිතුරු ලෙසයි.

කොවිඩ් වසංගතය හමුවේ දරුවන්ගේ පාසල් අධ්‍යාපන කටයුතු බරපතල ආකාරයෙන් අඩාල වූ බැවින් මෙවර උසස්පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කල් දැමිය යුතුය යන්න තම පෞද්ගලික මතය බවද මෙහිදී ඔහු ප්‍රකාශ කළා.

මිට අමතරව බස්නාහිර පළාතේ දරුවන් පාසල් ගිය දින ගණන දින පහක් බවත් මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළා.