ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්‍, වට්සැප් යලි යථාතත්වයට

0
Facebook , Whatsapp and Instagram Recoveried - ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්‍, වට්සැප් යලි යථාතත්වයට
ඊයේ ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්‍, මෙසෙන්ජර් සහ වට්සැප් යන සමාජ මාධ්‍යය ජාලයන්හි බිඳ වැටීමක් සිදු වීය.

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය සේවා පැය හයකට ආසන්න කාලයක් පැවති බිඳවැටීමකින් පසු නැවත යාථා තත්වයට පැමිණෙමින් තිබෙන බව ෆේස්බුක් පවසයි.

ලොව පුරා ගැටලු වාර්තා මිලියන 10.6 ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් සමාජ මාධ්‍ය වල දුටු විශාලතම බිදවැටීම බවට ඩවුන්ඩෙටෙක්ටර් නම් ආයතනය පවසයි.

ෆේස්බුක් හි අවසන් වරට මෙවැනි බිදවැටීමක් ඇති වූයේ 2019 දී ය.

ෆේස්බුක් වෙබ් අඩවිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ විදුලිය බිඳවැටීමෙන් පීඩාවට පත් වූවන්ට සමාව අයදින බවයි.