රාජස්ථාන් රෝයල්ස් පරදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ජයගනී

0

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ පැවති තරඟයකින් “රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම” පරදවා “රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්” කණ්ඩායම කඩුලු  10ක ජයක් හිමිකර ගත්තේය.

පළමුව පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09 දැවී ලකුණු 177ක් රැස්කළේය.

ජයග්‍රාහී ඉලක්කය හඹාගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම කිසිවෙකු නොදැවී ලකුණු 181 ලබාගනිමින් තරඟය ජය ලැබීය.

ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි දෙව්දත් පඩික්කාල් නොදැවී ලකුණු 101ක් සහ නායක විරාත් කෝලි නොදැවී ලකුණු 72ක් රැස්කිරිමට සමත් විණි.